දේශීය

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් කටයුතු අත්හිටුවයි

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව 2021 අප්‍රේල් මස 12 වන දින ප.ව. 5.00 සිට බලපැවැත්වෙන පරිදි එම ආයතනයෙහි ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අත්හිටුවා තිබේ.

ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජුලි 13 වන දින සිට ස්වර්ණමහල් ෆයිනෑන්ෂිල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවනු ලැබීය.

2021 ජනවාරි 12 වන දින දක්වා එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම බල පැවැත්වුණි. 

මහ බැංකුව මේ පිළිබඳ දන්වා ඇත්තේ ව්‍යාපාර කටයුතු අත්හිටවූ මාස හයක (06) කාල සීමාව නිමවන විටද, ප්‍රාග්ධන යෙදවීමක් මඟින් ආයතනය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ඉදිරිපත් වීමක් නොවූ අතර, ආයතනයෙහි මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්ව ඇතැයි බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *