දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

සමිතොඩ්ඩාමුනෙයි, පුනරින්, කුලායිරෙතම්සහ චුන්නිකුලම් අභයභුමිය යන ප්‍රදේශ වලට අද (14) දින දහවල් 12:10 ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *