යළි සීනී ආනයනයට අවසර
සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා පවසයි.
ඔහු සඳහන් කළේ සීනි ආනයන කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා විසින් අවශය පියවර ගන්නා ලෙසට නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවයි.
සීනි ආනනය කිරීම මීට මාස කිහිපයකට පෙර රජය අත්හිටවනු ලැබූ අතර සීනි සඳහා පාලන මිලක් ද නියම කෙරිණි.
සමුපකාර හා පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ මෙරට දැනට ඇති සීනි තොගය මාස දෙකහමාරකට පමණ ප්‍රමාණවත් වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

