විදේශීය

සංචාරකයින් රැගත් යානයක් පළමුවරට අභ්‍යවකාශයට

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව අද (16) ගුවන්ගත කර තිබේ.

ස්පේස් එක්ස් රොකට්ටුවක් යොදාගෙන එය අභ්‍යවකාශගත කර තිබූ අතර ගගනගාමී නොවන පිරිසක් දීර්ඝ අභ්‍යවකාශ ගමනක් සඳහා එක්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි.

ඒ අනුව අභ්‍යවකාශ සංචාරකයින් රැගත් ලොව පළමු කක්ෂීය යානාව අමෙරිකාවේ කෙනඩි තුඩුවෙන් ගුවන්ගත කෙරුණි.

ඉන්ස්පිරේෂන් ෆෝ ලෙසින් නම්වන මේ විප්ලවීය මෙහෙයුම යටතේ පුද්ගලයින් සිව්දෙනෙකු අභ්‍යවකාශය වෙත රැගෙන ගිය අතර ඔවුන් කිසිවෙකුත් පුහුණු ගගනගාමීන් නොවීම මෙහි ඇති විශේෂත්වයකි.

ස්පේස් එක්ස් සමාගමට අයත් රොකට්ටුවක් යොදාගෙන නාසා ආයතනයේ ද මැදිහත්වීමෙන් මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

අඩි 13ක් පළලින් යුතු ඩ්‍රැගන් කැප්සූලයේ රැඳී සිටින ලොව පළමු විශ්ව සංචාරකයින් පිරිස පෘථිවියෙන් සැතපුම් 350ක් ඉහළ අභ්‍යවකාශයේ තෙදිනක් ගතකරනු ඇත.

මානව ඉතිහාසයේ විප්ලවීය පියවරක් සනිටුහන් කළ මෙම අභ්‍යවකාශ චාරිකාව සඳහා මූල්‍ය දායකත්වය සැපයූ අමෙරිකානු ජාතික බිලියනපතියෙකු වන ව්‍යාපාරික ජෙරඩ් අයිසැක්මැන් ද මෙම චාරිකාවට එක්වී සිටින අතර පිළිකාවක් වැලඳී සුවලැබූ 29 හැවිරිදි හේලි ආර්සෙනූ, 51 හැවිරිදි ගුරුවරියක වන ෂෝන් ප්‍රොක්ටර් සහ 42 හැවිරිදි අභ්‍යවකාශ ලෝලියෙකු වන ක්‍රිස් සෙම්බ්‍රොස්කි මෙම අවස්ථාව හිමිකරගත් අනෙක් තිදෙනා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *