IPL ප්‍රේක්ෂකයින් අතරට සජීවීව
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග මේ මස 19 වැනිදා ඩුබායිහී දී ආරම්භ වීමට නියමිතයි.
ඒ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගයෙනි.
මෙම තරගයේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට තරගාවලි සංවිධායකයින් තීරණය කර තිබේ.
ඒ අනුව අද (16) සිට තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ඩුබායි, සාජා සහ අබුඩාබිහී දී පැවැත්වෙන අතර කොවිඩ් 19 මාර්ගෝපදේශ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ගෝපදේශ අනුව සීමිත ආසන සංඛ්‍යාවක් සඳහා පමණක් ප්‍රවේශපත් නිකුත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

