ඉන්දීය 20යි 20 නායකත්වය ගැන කෝලිගේ තීරණය
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තමන් එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව එක්දින සහ ටෙස්ට් තරගවලින් ඉදිරියට ගෙන ඒමට තමාට පූර්ණ වශයෙන් සූදානම්වීමට ඉඩ ලබා දිය යුතු අතර එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම පන්දුවාර විස්සයි 20 යන තරග රටා ත්‍රිත්වයේම නායකත්ව වගකීම් දැරීමේ දී තමන්ට අසීරු බවයි.
ඉන්දීය ක්‍රිකට් ආයතනය, තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී සහ උප නායක රෝහිට් ෂර්මා සමග ද මෙම තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව ද ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

