සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කෙරේද ?
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන 21 වන දා දක්වා පනවා ඇති සංචරණ සීමා ලිහිල්කිරීම හෝ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද (17) තීරණය කිරිමට නියමිතය.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස්වීමමට නියමිතව තිබේ.
එහිදී සෑම අංශයක් පිළිබඳවම සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව ගන්නා තීරණය එම අවස්ථාවේ ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

