පක්ෂ නායක රැස්වීමක් අද
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (17) පැවැත්වෙයි.
එය ප.ව. 3.00ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස්වන ආකාරය සම්බන්ධයෙන් එහිදී පක්ෂ නායකයින් සාකච්ඡා කිරීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
පවතින කොවිඩ් ව්‍යාප්තියත් සමග පාර්ලිමේන්තු රැස්වීම සතියට දින 02කට පමණක් සීමා කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

