දේශීය

ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් – කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ පළාත් කිහිපයක ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

අද (17) දහවල් සිට හෙට (18) පෙ.ව. 7.30 දක්වා වලංගු වන පරිදි එම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත්කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි.

මේ හේතුවෙන් අකුණු අනතුරුවලින් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *