දේශීය

මෙරට ජනගහනයෙන් 50 % ක් එන්නත්කරණය කර අවසන් – චන්න ජයසුමන

ඊයේ (17) දිනය වනවිට මෙරට ජනගහනයෙන් 50% ක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ මේවනවිට සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව  8,973,670 ක්, ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් සංඛ්‍යාව 949,105 ක් සහ මොඩර්නා එන්නත ලබාගත් සංඛ්‍යාව 758,282 ක් වේ.

ෆයිසර් එන්නත පුද්ගලයින් 243,685 දෙනෙකු ලබා ගෙන ඇති අතර ස්පුට්නික් එන්නත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 43,453 දෙනෙකු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව මෙරට පුද්ගලයින් 10,968,195 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *