විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර තිබේ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග
විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත්තේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාදී විශ්වවිද්‍යාල විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඊයේ (17) මේ පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා අදහස් පළ කර තිබුණි.
මහාචාර්යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී සඳහන් කර තිබුණේ සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

