දේශීය

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවෙන් ඉවතට

එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ සැප්තැම්බර් 22 වනදා සිට එය ක්‍රියාත්මක බවයි.

මේ අතර එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් එම ලැයිස්තුවෙන් ඉවත් කරන බවයි.

එම රටවල් වන්නේ තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව ය.

ඒ අනුව අදාළ රටවලින් පැමිණ සංචාරකයින් හෝ පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවනු ඇති අතර සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව PCR පරික්ෂාවකට ලක්වීම ද අවශ්‍ය නොවන බව බ්‍රිතාන්‍යය ප්‍රවාහන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *