ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය ආයතන 150ක් වැසේ
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු ගතවූ මාසයක පමණ කාලසීමාවේදී එරට මාධ්‍ය ආයතන 150කට වැඩි සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බව වාර්තා වේ.
අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරන්නේ ජනමාධ්‍යවේදීන් 7000ක් පමණ තලෙයිබාන් සංවිධානය විසින් රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
එමෙන්ම ඇෆ්ගනිස්තානයේ කාන්තා ජනමාධ්‍යවේදිනියන්ට රැකියා අහිමිවීම මෙන්ම ආරක්ෂාව පිළිබඳ ගැටලුවලින් ද පීඩා විදීමට සිදුව තිබේ.
මේ අතර ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වන්නැයි එරට ජනමාධ්‍යවේදීන් 150ක පමණ පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික ප්‍රජාවෙන් පසුගියදා විශේෂ ලිඛිත ඉල්ලීමක් ද සිදුකර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

