තවත් ස්පුට්නික් මාත්‍රා 120,000ක් දිවයිනට
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 120,000ක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන ආ එන්නත් තොගය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.
ඒ අනුව එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇත.
මෙම ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නත් තොගය මහනුවර ප්‍රදේශයේ එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ජනතාව වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

