සංචාරකයින් රැගත් පළමු අභ්‍යවකාශ චාරිකාවක නිමාව
සංචාරකයන් සිව්දෙනෙකු රැගත් පළමු අභ්‍යවකාශ චාරිකාව සාර්ථකව අවසන් කර තිබේ.
අභ්‍යවකාශ චාරිකාව අරම්භකර දින 3කට පසු ස්පේස් එක්ස් ෂටලය අත්ලාන්තික සාගරය වෙත සාර්ථකව ගොඩබස්වා ඇති බව වාර්තා වේ.
මෙම සංචාරකයින් රැගත් යානාව අභ්‍යවකාශගත කළේ පසුගිය 16 වනදා අමෙරිකාවේ කෙනඩි තුඩුවෙන් වන අතර එම ගමනට එක්වූ පුද්ගලයින් සිව්දෙනා අභ්‍යවකාශයට ගිය ප්‍රථම සිවිල් පුද්ගලයින් ලෙස ඉතිහාසගත වේ.

එසේම ගගනගාමී නොවන පිරිසක් දීර්ඝ අභ්‍යවකාශ ගමනක් සඳහා එක්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි.
ස්පේස් එක්ස් සමාගමට අයත් රොකට්ටුවක් යොදාගෙන නාසා ආයතනයේ ද මැදිහත්වීමෙන් මෙම මෙහෙයුම දියත් කර තිබුණු අතර මානව ඉතිහාසයේ විප්ලවීය පියවරක් සනිටුහන් කළ මෙම අභ්‍යවකාශ චාරිකාව සඳහා මූල්‍ය දායකත්වය සැපයූ අමෙරිකානු ජාතික බිලියනපතියෙකු වන ව්‍යාපාරික ජෙරඩ් අයිසැක්මැන් ද මෙම චාරිකාවට එක්වීය.
පිළිකාවක් වැලඳී සුවය ලැබූ 29 හැවිරිදි හේලි ආර්සෙනූ, 51 හැවිරිදි ගුරුවරියක වන ෂෝන් ප්‍රොක්ටර් සහ 42 හැවිරිදි අභ්‍යවකාශ ලෝලියෙකු වන ක්‍රිස් සෙම්බ්රොස්කි මෙම අවස්ථාව හිමිකරගත් අනෙක් තිදෙනා වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

