එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල සැසිය අද
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සැසිවාරය අද (20) ආරම්භ වීමට නියමිතව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එයට එක්වීමට නියමිත බව වාර්තා වේ.
මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) එරටට ළගා වූ අතර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අනිද්දා (22) ඇමතීමට නියමිතව තිබේ.
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන මෙවර 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව හෙට (21) ආරම්භ වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

