ගුරුවරුන්ට රු.5000 දීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
අධ්‍යාපන ලේකම්වරයා විසින් රාජකාරියේ නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5,000 අමතර දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රාජකාරියේ නිරත ගුරුවරුන්ට සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා රුපියල් 5,000ක් ලබාදීමට තීරණය කර ඇති අතර එම දීමනාව කළාප අධ්යක්ෂවරයා මඟින් අදාළ පාසල් වෙත යොමු කර ඇත.
එසේම රාජකාරිය ඉටුකළ විදුහල්පතිවරුවරුන්ට අදාළ ගෙවීම් කලාප අධ්‍යාපන අධ්යක්ෂ මඟින් ලබාගත හැකි බව එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
අනුකමිටුව විසින් නිර්දේශිත ගුරු සේවාව, විදුහල්පති සේවාව සහ ගුරු උපදේශක සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් නම් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය එළැඹෙන නොවැම්බර් 20 වැනිදා වනවිට නිකුත් කිරීමටත් ඉතිරි නිර්දේශ මාස 6ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

