බිනර පොහොය අදයි
භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට (20)යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසලොස්වක දිනකදී ය.
එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 8 ක් පනවමින් ඊට අවසර ලබා දුන්නේ ය.
මේ අතර සද්ධර්මරත්නාවලිය , පූජාවලිය , සද්ධර්මාලංකාරය , ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ රැසක් බිනර මාසයේ රචනා කර ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

