පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූර පැකියාවෝ
සිය රටේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා තරග කිරීමට සුදානම් බව පිලිපීන බොක්සිං ශූර මැනි පැකියාවෝ පවසයි.
මැනි පැකියාවෝ බර පන්ති 08ක්, බොක්සිං ලෝක ශූරතා 12ක් ජයග්රහණය කළ ලොව එකම බොක්සින් ක්රීඩකයා වන අතර 2019 වසරේ ජූලි මාසයේ ලොව වයස්ගතම වෙල්ටවේට් බොක්සින් ශූරයා බවට පත්වූයේ 40වන වියේදී ය.
පැක් මෑන් යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන පිලිපීනයේ ජනප්රිය ක්රීඩකයෙකු වන 42 හැවිරිදි මැනී පැකියාවෝ මේ වනවිට එරට සෙනට් සභිකයෙකු ලෙස කටයුතු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

