පන්ජාබ් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අද තරග බිමට
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරේ තවත් තරගයක් අද (21) බුඩායිහි දී පැවැත්වීමට නියමිත වේ.
ඒ, පන්ජාබ් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ය.
මේ වනවිට ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකි වී ඇති අතර එම සටහනේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම හිමිකර ඇත.
රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ (20) පැවති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකි විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

