ක්‍රීඩා

එංගලන්ත පාකිස්තාන ක්‍රිකට් තරගාවලියත් අවලංගු වෙයි

එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20 යි 20 තරගාවලිය අතහැර දැමීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් මස 13 සහ 14 යන දෙදින තුළ එම තරග පැවැත්වීමට සැලසුම්කර තිබුණි.

එමෙන්ම එංගලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 20 යි 20 තරග දෙකක් සහ එක්දින තරග තුනක් පැවැත්වීමට සැලසුම්කර තිබුණ ද එම සියලුම තරග අතහැර දැමීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *