දේශීය

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වන බවයි.

ඒ අනුව අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව වාර්තා වේ.

ඉන් අනතුරුව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක් ඇතුළු රෙගුලාසි කිහිපයක් විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.

මේ අතර හෙට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ.

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නැවත පාර්ලිමේන්තුව ඔක්තෝබර් 04 වන සඳුදා දින රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *