ලොව වයස්ගතම නිවුන් සොහොයුරියන් ජපානයෙන්
ලොව වයස්ගතම නිවුන් සොහොයුරියන් ජපානයෙන් වාර්තා වී තිබේ.
ඔවුන් දෙදෙනාගේ වයස අවුරුදු 107යි දින 300ක් වන අතර මෙය ගිනස් ලෝක වාර්තාවකි.
මිට පෙර ජපානයේ කින් නරීටා සහ ජින් කානී තබා තිබූ වාර්තාව යුමෙනෝ සුරියාමා සහ කෞමේ කොඩාමා විසින් අභිබවා ගොස් ඇත.
1913 වසරේ නොවැම්බර් 5 වනදා ජපානයේ ශෝදොෂිමා දිවයිනේ දී යුමෙනෝ සුරියාමා සහ කෞමේ කොඩාමා උපත ලබා තිබේ.
මේ වනවිට එම නිවුන් සොහොයුරියන් දෙදෙනා ජපානයේ පළාත් දෙකක වැඩිහිටි නිවාසවල ජීවත්වන අතර ඔවුන්ට හිමි ගිනස් වාර්තා සහතික ගිනස් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලබාදී ඇති බව වාර්තා වේ.
යුමෙනෝ සුරියාමා සිව් දරු මවක් වූ අතර කෞමේ කොඩාමාට දරුවන් තිදෙනෙක් සිටි බව වාර්තා විය.
ගිනස් වාර්තා අනුව මේ වනවිට ලොව වැඩිමහල්ම පුද්ගලයා ජීවත් වන්නේ ජපානයේ වන අතර ඒ වයස අවුරුදු 118ක් වන කානේ ටනාකා නම් කාන්තාවකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

