දේශීය

එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද (21) ආරම්භ වීමට නියමිතය.

මෙවර එහි තේමාව වන්නේ “කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) සමුළුව ඇමතීමට නියමිතව ඇත.

එමෙන්ම 23 වනදා පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වනදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *