දේශීය

වීරකැටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පොලිස් භාරයට

පසුගිය දිනෙක වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේදී 14 වියේ දරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු කැළෑබද ප්‍රදේශයක සැඟව සිටියදී වීරකැටිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඝාතනයට යොදාගත් ගිණි අවිය සහ තවත් ගිණි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *