විදේශීය

ඕස්ට්‍රේලියාවේ භූ චලනයක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අද (22) උදෑසන රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශය භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය ලෙස හඳුනා ගෙන ඇති අතර එරට වේලාවෙන් උදෑසන 9:15 ට භූ චලනය සිදුව ඇත.

මෙම භූ කම්පාව හේතුවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි රැසකට හානි සිදුවී තිබේ.

පළමුව මෙම භූ කම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6ක් ලෙස සටහන්ව තිබුනත් පසුව එය රිව්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්ව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ භූ කම්පාවේ ප්‍රබලත්වය තත්ත්පර 30ක කාලයක් දැනුණු බවයි.

භූ කම්පාවේ ප්‍රබලත්වය කැනබරා නුවර, දකුණු ඔස්ට්‍රේලියාව, තස්මේනියාව, නිව් සවුත් වේල්ස්, සිඩ්නි ඇතුළු ප්‍රදේශ ගණනාවකට දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෑත ඉතිහාසයේදී ඕස්ට්‍රේලියාවට බලපෑ ප්‍රබලතම භූ කම්පාව මෙය බවයි.

කෙසේවෙතත් භූ කම්පනයෙන් පුද්ගල මරණ හෝ දරුණු ලෙස තුවාල ලැබීම් කිසිවක් වාර්තා වී නොමැති අතර කලාපයට සුනාමි අවදානමක් නොමැති බව ද ඔස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *