පාරිභෝගික සංශෝධන පනත දෙවන වර කියවීම අද
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වීමට නියමිත වේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ වනු ඇත.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය සඳහා අද දිනයේ පමණක් පාර්ලිමේන්තුව රැස්වන බවයි.
ඔක්තෝබර් 04 වන දින විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ද වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

