ෆයිසර් මිල දී ගැනීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර දැක්වීම හා සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක අතිරේක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබේ.
එම ණය මුදල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සහ එන්නත් ලබාදීමේ කාර්යයන්ට අදාළ අනෙකුත් පිරිවැය ප්‍රතිපාදනය කර ගැනීම සඳහා යොදා ගැනීමට සැලසුම්කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60%ක් එන්නත් කිරීමේ මුලික ඉලක්කය පුළුල් කිරීමට කොවිඩ් කළමනාකරණය සඳහා වු ජාතික කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.
ඒ අනුව අතිරේක මුල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

