අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර අද සාකච්ඡාවක්
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් සමග විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතව ඇත.
අරලියගහ මන්දිරයේ දී අද ප.ව.4.30ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොර ව ඇමරිකානු සමාගමකට ලබාදීමේ සිදුවීම පිළිබඳ ව එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

