දේශීය

මහ බැංකු අධිපතිවරයාගේ පත්වීමට විරුද්ධව පෙත්සම් දෙකක්

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් කර ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙන බව පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *