දේශීය

පාරිභෝගික කටයුතු අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගේ අත්සන

පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන)  පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  ඊයේ (22) පස්වරුවේ සිය සහතිකය සටහන් කර තිබේ.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත වී ඇත.

වෙළඳ අමාත්‍යවරයා විසින් 2021 සැප්තැම්බර් 06වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 අගෝස්තු 19වන දින ගැසට් පත්‍රයේ පළ කෙරුණි.

ඒ අනුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත ඊයේ (22) සිට බලාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *