යළි පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් හෙට
පියවර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෙට (24) දිනයේ ජනතාව දැනුවත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් යළි ආරම්භකිරීමට අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබු අතර ඒ අනුව පාසල් විවෘත කිරීම පිළිබඳව කටයුතු සැලසුම් කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.
මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ද සඳහන් කර ඇත්තේ පාසල් යළි ආරම්භකිරීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

