සන්රයිසස් හයිද්‍රාබාද් පරදවා දිල්ලි කැපිටල්ස් ජය වාර්තා කරයි
IPL ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඊයේ (22) පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හැකි විය.
හයිද්‍රාබාද් කණ්ඩායම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 134ක් රැස් කරන ලදි.
පන්දු යැවීමේ දී කඩුලු තුනක් දවාගැනීමට කගිසෝ රබාඩා හට හැකි විය.
ලකුණු 134ක ඉලක්කයක් සමග පිටියට පිවිසි දිල්ලි කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී තම ජයග්‍රහණය හඔා ගියේය.
ශියාර්ස් අයියර් නොදැවී ලකුණු 47ක් සහ නායක රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 35ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

