විදේශීය

අමෙරිකාවේ 65ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවට අවසර

වයස්ගත පුද්ගලයින් සඳහා තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය අවසර දී තිබේ .

ඒ් අනුව අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දී මාස 06කට පසු තුන්වැනි මාත්‍රාව ලබාදිය යුතු බව වාර්තා වේ.

එලෙස තුන්වැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට අවසර හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වනවිට අමෙරිකාවේ වයස අවුරුදු 12ට වැඩි ළමුන් එන්නත්කරණය ද ක්‍රියාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *