ඡන්ද ක්‍රම සංශෝධන කාරක සභාවට ඇමති බැසිල් සහ මන්ත්‍රී හකීම්
ඡන්ද ක්‍රමය සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා අලුතින් පත්කර තිබේ.
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ලෙසය.
ඒ අනුව එහි සාමාජිකයන් සංඛ්‍යාව 17ක් බවට පත් වී ඇත.
මෙම විශේෂ කාරක සභාව එහි අධ්‍යාපන අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස් වී තිබේ .
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

