විදේශීය

බ්‍රසීල ජනපති ස්වයං නිරෝධායනයට

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ ස්වයං නිරෝධායනයට යොමු වී තිබේ.

ඒ ඔහුත් සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට සහභාගීවීමෙන් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරයා තම නිවසේදී ස්වයං නිරෝධායනයට ලක්වී සිටින බවයි.

මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ගිය සමස්ත බ්‍රසීල නියෝජිත කණ්ඩායම මේ වනවිට හුදකලා කර සිටින බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *