දේශීය

සහල්, කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් මිල වැඩිවෙයි ද? තීරණය අද

ජීවන වියදම් කමිටුව අද (24) රැස්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජීවන වියදම් කමිටුව රැස්වීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ මෙහිදී සහල්, කිරිපිටි, තිරිගුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර පාලන මිලට වැඩියෙන් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පනවා ඇති නව දඩ මුදල් ලබන සඳුදා සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *