නීති විරෝධිව ආහාර හා ඖෂධ තොගයක් රැගෙන ආ 30 දෙනෙකු අත්අඩංගුවට
ආනයන සීමාවන් පනවා ඇති ආහාර හා ඖෂධ තොගයක් නීති විරෝධිව මෙරටට රැගෙන ආ පුද්ගලයින් 30 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සංචාරයක නිරතව සිට පැමිණි කොළඹ පදිංචි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.
එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 40කට අධික බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඔවුන් එලෙස සිය ගමන් මලු තුළ සගවා දිවයිනට රැගෙන ආ කහ කිලෝ ග්රැම් 472ක්, එනසාල් කිලෝ ග්රැම් 352ක් සහ ඖෂධ විශාල තොගයක් රේගුව භාරයට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

