ව්‍යාජ ඔක්සිමීටර් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ඔක්සිමීටර් 250ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අනුරාධපුර නව බස් නැවතුම්පොළ අසලදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව ඊයේ (23) එම වැටලීම සිදුකර තිබුණි.
එම ඔක්සිමීටර් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති සහ ගෙන්වීම සඳහා අවසර ලබාදී නොමැති ඒවා බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 40 හැවිරිදි කොට්ටාව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ටී.කේ.ඒ.ඩී. වේරගොඩ මහතා වෙත භාර දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

