දේශීය

අදියර 04ක් යටතේ යළි පාසල් විවෘත කිරීමට උපදෙස්

අදියර 04ක් යටතේ යළි පාසල් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ පළමු අදියර යටතේ 200 ට අඩු ශිෂ්‍ය සංඛ්‍යාව සිටින පාසල්වල 1-5 ශ්‍රේණි හැකි ඉක්මනින් ආරම්භ කරන බවයි.

එම පාසල් සියල්ලම ආරම්භ කිරීමට හැකියාව ඇති බව සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

එසේම මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන්  කර ඇත්තේ දරුවන් ආරක්ෂිතව පාසල තුළ රඳවා තබා ගැනීම සුදුසු ද යන්න තහවුරු කර ගැනීම සඳහා අද සිට භෞතිකව නිරීක්ෂණයක නිරත වන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *