මුම්බායි ඉන්දියන්ස් පරදවා කොල්කටා නයිට්රයිඩර්ස් ජය වාර්තා කරයි
IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (23) පැවති තරගයේ මුම්බායි ඉන්දියන්ස් පරදවා කොල්කටා නයිට්රයිඩර්ස් කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.
මුම්බායි කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 155ක් රැස් කරන ලදි.
ක්විංටන් ඩි කොක් ලකුණු 55 ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළේය.
ලකුණු 156ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 15යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේය.
එහිදී වෙන්කටේෂ් අයියර් ලකුණු 53ක් සහ රාහුල් ත්‍රිපාති නොදැවී ලකුණු 74ක් ලබාගැනීමට සමත් වුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

