අවුරුදු 50ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නතක් ලබා දීම හොදයි – මහාචාර්ය නීලිකා මලවිගේ
වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට ඉදිරියේ දී කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සදහන් කර තිබේ.
ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ “සයිනොෆාම් එන්නත ලබාදුන් තරුණ අයට බූස්ටර් එන්නත් මාත්‍රාවක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. ඒ වුණාට 50ට වැඩි අයට මොන එන්නත ලබාගෙන තිබුණත් බූස්ටර් එන්නතක් දෙන එක හොඳයි කියලා ලෝකයේ තියෙන දත්තවල හැටියට හිතෙනවා.” යනුවෙනි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

