ක්‍රීඩා

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (24) පැවති තරගයෙන් රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම පරදවා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජය වාර්තා කිරිමට සමත් විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංග්ලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කරන ලදි.

එහිදී දේව්දත් පඩික්කාල් ලකුණු 70ක් සහ නායක විරාත් කෝලී ලකුණු 53ක් ලබාගැනීමට සමත් විය.

ලකුණු 157ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි චෙන්නායි කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු 4ක් දැවී තම ජයග්‍රාහී ඉලක්කය හඹා ගියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *