දේශීය

කොළඹ මහනගර සභා සීමාව තුළ පෞද්ගලික දේපළ හිමියන්ට දැනුම් දීමක්

කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ, පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස කොළඹ මහනගර සභාව එම දේපළ හිමිකරුවන්ට දැනුම් දී ඇත.

කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණි දිසානායක මහත්මිය විසින් එම දැනුම්දීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව නාගරික කොට්ඨාශ වලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නැති, දේපළ පිළිබඳ තොරතුරු කොළඹ මහනගර සභාවේ, නිල වෙබ් අඩවියට (www.colombo.mc.gov.lk) පිවිසීමෙන් ලබාගැනීමට හැකියාවක් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *