ක්‍රීඩා

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එළඹෙන මස 07 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ඒ අනුව ඔක්තොම්බර් 15 වැනිදා මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර එය එක්දින තරග 5කින් සමන්විත වේ.

මේ වනවිට ඊට සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය, ජෛව බුබුලකදී පුහුණුවීම්වල නිරත වෙයි.

මේ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය, මේ වනවිට ජෛව බුබුලකදී පුහුණුවීම්වල නිරත වී තිබේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන සහ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන ඇතුළු පුහුණුකරුවන් යටතේ පුහුණු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *