මොයීන් අලි ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙයි
එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි ටෙස්ට් තරගවලින් සමුගැනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිය පවුලෙන් දීර්ඝ කාලයක් ඈත්ව සිටීමට සිදුවීම ඔහුගේ එම තීරණයට හේතුව වී ඇති බව වාර්තා වේ.
ටෙස්ට් තරග 64ක් වෙනුවෙන් එංගලන්තය නියෝජනය කර ඇති 34 හැවිරිදි මොයීන් එහිදී ලකුණු 2,914ක් රැස්කර ඇති අතර ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 195කි.
ටෙස්ට් පිටියෙන් සමුගත්ත ද ලොව පුරා පැවැත්වෙන විස්සයි විස්ස ලීග් තරගාවලි සඳහා මෙන්ම එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

