දේශීය

කටුනායක PCR පර්යේෂණාගාරයේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

මෙරට විශාලතම PCR පරීක්ෂණාගාරය සහිත කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ජෛව සාම්පල ලබාගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සංචාරකයින්ට කොවිඩ් පරීක්ෂණ වාර්තා නිකුත් කරන පද්ධතියේ මතුවූ තාක්ෂණික ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම කටයුතු අත්හිටුවීමට සිදුවී ඇත.

මේ හේතුවෙන් විදෙස්ගතව සිට පැමිණෙන දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් ජෛව සාම්පල ලබාගැනීම ගුවන්තොටුපොලේදීම සිදුකෙරන අතර අදාළ සාම්පල එම මධ්‍යස්ථානයේ පර්යේෂණාගාරය වෙත යොමුකර වාර්තා ලබාගැනීම පමණක් දැනට සිදු කෙරෙනු ඇත.

මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ අරමුණ වී ඇත්තේ මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ට මතුවන ගැටලු අවම කර පැය 03ක කාලයක් තුළ අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබාදී සංචාරකයින්ට ගමනාන්ත වෙත යාමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *