සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය
සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරිමට ඊයේ (27) රාත්‍රියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
වෙළඳපලේ කෘතිම සහල් හිගයක් ඇති කිරීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදී තිබේ.
සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 95කට ද නාඩු කිලෝවක් රුපියල් 98කට ද සම්බා කිලෝවක් රුපියල් 103කට ද කීරී සම්බා කිලෝවක් රුපියල් 125කට ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.
මේ අතර කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්තිවල මිල සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

