තලෙබාන්වරුන්ට විරුද්ධව මත ඵල කළ පිරිස් සිය සාමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගනී
තලෙබාන් සංවිධානයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධව අන්තර්ජාලය ඔස්සේ විවිධ මත ඵල කළ එරට බොහෝ පිරිසක් සිය සාමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන්ගේ තොරතුරු ලබාගෙන තලෙබාන් සංවිධානය විසින් යම් අනතුරක් සිදුකිරීමේ ඉඩකඩ පැවතීමේ බිය හේතුවෙන් මෙලෙස අදාළ ගිණුම් අක්‍රිය කිරීමට පරිශිලකයින් පියවර ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මේ වන විට තලෙබාන්වරුන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් කළ බොහෝ පිරිසක් බටහිර රටවල්වලින් රැකවරණ ඉල්ලා සිටින බව ද විදෙස් වාර්තා වැඩිදුරයත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

