පෝරුවේ චාරිත්‍රයන්ට අවසර ඉල්ලයි
රට විවෘත කිරීමෙන් පසුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදුකරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙසට බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.
එම සංගමයේ සභාපති සුමිත් රංගන මහතා සඳහන් කළේ රටේ පවතින තත්ත්වය මත සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදෙන ලෙස කොවිඩ් කමිටුවෙන් ඉල්ලීමක් කරන බවයි.
ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මත්පැන්වලින් තොර පවුලේ අය පමණක් සම්බන්ධ කර ගනිමින් මෙම කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

